Monday, December 26, 2011

බූරු පුතාගේ බූරු අදහසක්


බූරුපුතා බ්ලොග් ලියන්ට පටන්ගත්තෙ අවුරුද්දකට විතර කලියෙන් උනාට ඒක ඉතින් බූරු පුතාගේ අනික් බූරු වැඩ වගේම ලත් තැනම ලොප් උන නෙව.

එහෙම ඉන්න කොට ආයෙම කාලෙ කන්ට කරමයක් හොයාගන්ටත් එක්කම ආයෙම බොලොග් එක මකුලුදැල් එහෙම කඩල ගන්ට කියල හිතුව

බූරු පුතාඅ පහුං කාලෙ පුරාවටම කොලේ ඉතිං අපේ මේ අද්දියාපන වැඩ ම නෙව. ඒත් මේ ඊයෙ පෙරේද ආයෙම පරන කෙරුවාවල් ටික කොරන්ට පටං ගන්ට හිතුනේ නොසිතූ අයුරිං ලැබිච්ච අපූරු නිදහස නිසාවෙං.

මේක මේ බූරු පුතාගෙ ආසම කොරන ශෙත්තරේ ට පටහැනි උනත් ඉතිං දැන් නම් හිතෙන්නේ මේකත් මාරම ආතල් ෆීල්ඩ් එකක් කියල තමා..... නිකමට හිතල බලහල්ලකො වෙබ් ඩිසයිනිං වගේ වැඩ වලට ආස එකෙක්ට ඉලෙක්ට්‍රොනික් කොරන්ට උනාම වෙන හදිය. ඒ සන්තැසියෙන් යන්තම් හරි ගොඩයන්න හිතාන තමා මම ඔය ඉලෙක්ට්‍රොනික් වලත් මයික්‍රෝ කොන්ට්‍රෝලර් ප්‍රෝග්‍රැමිංග් වගේ එව්ව එහෙම ලෙවකාල බලන්නේ.

මේ නිකං මට හිතට ආපු අදහස් ටිකක් විතරයි ඕං

එදා තේරුමක් නොතිබ්බට
අද ඉන්න තැන ගැන හිතන විට
හිතට එන එකම එක හැඟීමක් ඇත
කිව යුතුය අදහසක් ලෙස ගන්න සැමටම


කිසිවෙකුට කිසිවක් බැහැයි කිව නොහැක
ආසාවක් තිබුනු පලියට කිසියම්ම කිසිදෙයක්
කරන්නත් බැහැ කිසිවෙක්ට සිතන ලෙස
එය මෙසේ කියන්නේ හේතු ලෙස මාව ගෙන

ඕනෑම මංගල්ලයක් කොරන්නට යමෙකුට
සාර්ථක ප්‍රතිඵල ලබන්නට තිබිය යුතු
එකම එක දෙයක් මා දකින ඒ දෙය
උන ලෙසට හඳුන්වමු අපි සැමට තේරෙන ලෙසට