tag:blogger.com,1999:blog-76501622903131616022024-03-05T21:44:51.628-08:00බූරු පුතාබූරු පුතාhttp://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7650162290313161602.post-8821965740855576342011-12-26T06:10:00.000-08:002011-12-26T06:13:32.149-08:00බූරු පුතාගේ බූරු අදහසක්

බූරුපුතා බ්ලොග් ලියන්ට පටන්ගත්තෙ අවුරුද්දකට විතර කලියෙන් උනාට ඒක ඉතින් බූරු පුතාගේ අනික් බූරු වැඩ වගේම ලත් තැනම ලොප් උන නෙව.

එහෙම ඉන්න කොට ආයෙම කාලෙ කන්ට කරමයක් හොයාගන්ටත් එක්කම ආයෙම බොලොග් එක මකුලුදැල් එහෙම කඩල ගන්ට කියල හිතුව

බූරු පුතාඅ පහුං කාලෙ පුරාවටම කොලේ ඉතිං අපේ මේ අද්දියාපන වැඩ ම නෙව. ඒත් මේ ඊයෙ පෙරේද ආයෙම පරන කෙරුවාවල් ටික කොරන්ට පටං ගන්ට හිතුනේ නොසිතූ අයුරිං ලැබිච්ච අපූරු නිදහස නිසාවෙං.

මේක මේ බූරු පුතාගෙ ආසම කොරන ශෙත්තරේ ට පටහැනි උනත් ඉතිං දැන් නම් හිතෙන්නේ මේකත් මාරම ආතල් ෆීල්ඩ් එකක් කියල තමා..... නිකමට හිතල බලහල්ලකො වෙබ් ඩිසයිනිං වගේ වැඩ වලට ආස එකෙක්ට ඉලෙක්ට්‍රොනික් කොරන්ට උනාම වෙන හදිය. ඒ සන්තැසියෙන් යන්තම් හරි ගොඩයන්න හිතාන තමා මම ඔය ඉලෙක්ට්‍රොනික් වලත් මයික්‍රෝ කොන්ට්‍රෝලර් ප්රෝග්රැමිංග් වගේ එව්ව එහෙම ලෙවකාල බලන්නේ.

මේ නිකං මට හිතට ආපු අදහස් ටිකක් විතරයි ඕං

එදා තේරුමක් නොතිබ්බට

අද ඉන්න තැන ගැන හිතන විට

හිතට එන එකම එක හැඟීමක් ඇත

කිව යුතුය අදහසක් ලෙස ගන්න සැමටම

කිසිවෙකුට කිසිවක් බැහැයි කිව නොහැක

ආසාවක් තිබුනු පලියට කිසියම්ම කිසිදෙයක්

කරන්නත් බැහැ කිසිවෙක්ට සිතන ලෙස

එය මෙසේ කියන්නේ හේතු ලෙස මාව ගෙන

ඕනෑම මංගල්ලයක් කොරන්නට යමෙකුට

සාර්ථක ප්‍රතිඵල ලබන්නට තිබිය යුතු

එකම එක දෙයක් මා දකින ඒ දෙය

උන ලෙසට හඳුන්වමු අපි සැමට තේරෙන ලෙසට

බූරු පුතාhttp://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.com3tag:blogger.com,1999:blog-7650162290313161602.post-69175047324123061252011-02-27T07:56:00.000-08:002011-02-27T08:00:53.463-08:00බූරු පුතාගේ මුල්ම කොම්පූටර් අත්දැකීම.

ආයුබෝවන්ට ඔක්කොමල්ලට.

මේක ලියන්නේ බූරුපුතාගේ අතීත මතක සටහන් ගැන මතක් වෙලා. මේක මතක් උනේ අපේ ටෙක් කතා එකේ කස්ටිය 72 වන වැඩසටහනෙදි කතා වෙච්ච දේවල් අහගෙන ඉන්නකොට.

ඒ එකදහස් නමසිය අනූ අටේ මයෙ හිතේ. ඔව් එහෙම වෙන්ට ඕනෙ. කෝම හරි බූරුපුතාට අවුරුදු අටක් විතර. ඕන්න ඒ දවස් වල බූරුපුතාගෙ වැඩේ ඉස්කෝලෙ ඇරිල ආපු ගමන් මොනා හරි ගිලල දාල සෙල්ලං කොරන්ට දුවන එක නෙව. ඒත් ඉතිං බූරුපුතාට සෙල්ලං කොරන්ට අවසර තිබ්බේ අහල පහල ගෙවල් කිහිපයක ඈයො එක්කල විතරයි. ගොඩක් වෙලාවට බූරුපුතා සෙල්ලං කරන්නෙ උඩ ගෙදර එකත් එක්ක තමා. සෙල්ලං කොරන්ට යන්ටත් ඉතිං උන්ද ගෙදර එනකං බලාන ඉන්ට එපායැ. මොකද බූරුපුතා ගමේ ඉස්කෝලෙට ගියාට මගේ අතිජාත මිත්‍ර අසල්වාසියා වගේම උන්දගෙ ගෙට පල්ලෙං ගෙදර, ඒ කියන්නෙ අනික් පැත්තට වෙන්ට පල්ලමේ ගෙදර ඉන්න අයියත් ඉස්කෝලෙ ගියේ ටවුමෙ තියන ලොකු ඉස්කෝල දෙකකට නෙව. ඉතිං උඩිං ගෙදර උන්ද එනකං බලාන ඉඳල මම දුවනව එහාට.

මල්ලී . . . .මල්ලී. . . .

ඕන්න ඉතිං ඊට පස්සෙ එව්ව බොහොම සාමාන්‍යයි.

දුවනව පනිනව හැන්ගෙනව හොයනව ගස් උඩ ගෙවල් හදනව කානු අස්සෙ බංකර් ගහනව.

ආයෙ ඉතිං ෆුල්ම ෆන්.

එක දවසක් ඔන්න මගේ උඩ ගෙදර එකා කියපි අර අයියලාගෙ ගෙදරට හෙට කොම්පූටරයක් ගේනව කියල.

මොකා කොම්පූටරයක්.

ඔව් ඔව් අර බැංකු වල එහෙම තියෙන්නෙ.

ම්හ්හු මං දන්නෙ නෑ.

ඕන්න ඉතින් එදා කතාව ඊට පස්සෙ ආයෙමත් සෙල්ලමට.

අනික් දවසෙ සෙනසුරාදාවක් මයෙ හිතේ. එදාට ඉතිං කුකුලත් අතිං අරගෙන මම බඩගාන්නෙ අර ගෙදරට තමා.....

ඕන්න පුරුදු විදිහට.

මල්ලී. . . .

මල්ලී. . . .

අනේ පුතා එයා අහවල් අයියලාගෙ ගෙදර ( ඒ කිව්වෙ අර කොම්පූටරේ ගෙනාපු දිහාවෙ ) ගියා නෙ. අෆ්ෆද බොල.

කාල හමාරයි නෙ.

ඉතිං මූඩ් ගහගෙන ගෙදර ඇවිල්ල තනියම සෙල්ලං කොලා. දන්නෙ නැද්ද බල්ලට හරි පූස් තඩියට හරි වද දෙන වැඩ, එහෙමත් නැත්තං කොල තලල එකක එක පාට වර්ග හදන එක වගේ එව්ව තමා එදා වැඩ.

අනික් දවස ඉරිද.

අෆ්ෆද බොල. උදේම ගියාම අදත් අර උත්තරේම නෙව.

අම්ම ගහයි බැට් එකෙං කිව්වලු.

මටත් අර ගෙදරට යන්ට නම් කකුල් දෙක නලියනව. ඒත් ඒ වෙනකොට මම එහෙට ගිහිල්ලම නෑ නෙව. ඒ වුනාට ඒයත් එක්කල සෙල්ලම් නම් කරල තියනව. ඒත් මෙ ගෙදරම නෙව. අපරාදෙ ,මමත් එහෙ ගොහිල්ල තිබුන නම් මාත් එහෙ නෙ, අර කොම්පූටරේ ද මොකක්ද එක මාර මැජික් එකක් වෙන්ටැ. නැත්තං මේ යෝදය නිති පතා එහෙ දුවයි යැ.

ඊලඟ දවස සඳුද නෙව. අයෙ මොනාද අද නම් අරූට මගෙන් ගැලවීමක් නෑ . . .

මග රැකගෙන ඉඳල අල්ලගත්ත බෙල්ලෙන්ම.හිකිස්

ඒත් ඉතිං මෙන්න බොලේ මූ අදත් අර ගෙදරට ගාටන්ට කල්පනාව. මටත් යමු ලු. ( ම්ම්ම් . . . . ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු. ) යමං කියල මාත් ගියා. . . . ඕන්න අර කොලුවයි මායි වත්තෙ පල්ලෙහාට ගච්චල අර අයියලාගෙ ගෙදර පැත්තට කිට්ටු කොලා. අරූ ට නම් හොඳට පුරුදුයි නෙව. මට නිකං මොකක්ද වගේ. ඕන්න ඉතිං ඊට පස්සෙ අපි අර අයියගෙ කාමරේට කිට්ටු කොරල ජනේලෙන් ඇහැ තියල බැලුව. අඩේ මොකක්ද මන්ද එක සුදු පාට පෙට්ටියක කොල පාට බලුප් එකක් පත්තු වෙනව. ඊට පහලින් තියන රතු පාට බලුප් එකක් නිවි නිවි පත්තු වෙනව.

අම්මද බොල මෙව්ව නෙ බලන්ට වටින එව්ව. ඒ අස්සෙ අනික් පැත්තෙ තියන තඩි මාලු ටැන්කිය වගේ එකේ එක එක රූප, නිකං ටීවී එකක් වගේ. ඒ කාලෙ අපේ ගෙදර ටීවී එකක් නොතිබ්බට මම ටී වී නම් බලල තිබුන ඕන හැටියට.

අහ්හ් ඕකට තට්ටු දාන්නෙ එනව එනව ඇතුලට. (ඒ සද්දෙ ඇහුනෙ ඇතුලෙන්)

මාත් ගියා අරූගෙ පස්සෙං ම ගෙට.

අපි ඉතිං ගෙට යනකොට මේ අයිය අර කොම්පූටරේ නිවල වෙන්ටැ රෙද්දකිං වහනව අපි කාමරේට යනකොට. අහ්හ් ඊට පස්සෙ එදා ඉතිං සෙල්ලං කොරනව ඇරුනම වෙන මොකුත් නෑ. ඒත් ඉතිං ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් අපේ අයියල ඩබොලට නම් කනක් ඇහෙන්න දුන්නෙම නෑ. අර දැක්ක චුට්ටි දේ ගැන ආයෙ ඇඳට වැටෙනකන්ම කයිය තමා. . . . . . . .

ආයෙ ඉතිං මට එක දවසක් ඒ ගෙදරට රින්ගගත්ත කියන්නෙ ඉතිං ඊට පස්සෙ මොනාද?

දැං ඉතින් හැමදාම හවහට අර අයියලාගෙ ගෙදර තමා වැඩ කටයුතු. ඒ කාලෙ ඉතිං මට ඕක අල්ලන්ට ආස උනාට ඒ හැටි තේරුමක් හෙම නෑ නෙව. අරුන් ඩබල නම් ඕන්න ගහනව ගේම් එහෙම නැති වෙන්ට. ආයෙ මොනාද කොමාන්ඩෝස් 1 සහ මෝටල් කොම්බැට්. ඔය දෙක තමා මරන්නෙ ලෙසටම.

මට ඉතිං කරන්න තියෙන්නෙ හැමදාම හවස තුන හමාරෙ විතර ඉඳන් හය විතර වෙනකං බලාන ඉන්න එක තමා අර කොම්පූටරේ දිහා. මටත් ආසයි අරක අල්ලල කොරල බලන්ට. ඔන්න ඒක දවසක් මයෙ හිතේ අර මුලිං දැකපු දාට අවුරුදදකට විතර පස්සෙ එක දවසක මට ඒ චාන්ස් එක වැදුනා. . . . ඒ කොම්පුටරේ ඕෆ් වෙන්ට දාල අර අයිය ගියා කුස්සියට වතුර ටිකක් බොන්ට. ඒ ගමන් මට කිව්ව ඕක ඕෆ් උනාම යු පී එස් එකෙං ඕෆ් කොරන්ට කියල. මට මේක හැමදාම බලාන ඉඳල ඉතිං කොම්පූටරේ දාන්න ඕෆ් කරන්ට වගේම ඔන් කොරල ගේම් එකක් දාගන්න උනත් දැනුමක් ලැබිල තිබ්බ මේ බලාන ඉඳිල්ලෙංම. ඒත් ඉතිං කවදාවත් අල්ලල නම් නෑ. මම ඉතිං අර බොත්තම ඔබව්ව. කුක් ගාල සද්දයක් ආව මිසක් අර අයිය ඔබපුවාම වගේ බලුප් එක නිමුනෙ නම් නෑ. අෆ්ෆට සිරි දැං මොකද කරන්නෙ . අයියේ . . . .මේකෙ බලුප් එක නිමෙන්නේ නෑ නෙ. කෝ කෝ එහාට වෙයං කියල ඒ අයිය අර බොත්තම තත්පර තුනක් විතර ඔබාන හිටිය එතකොට තමා ඒක ඕෆ් උනේ. කවද කාපු ටකරන්ස් ද මෙව්ව.

ඔහොම තමා ඉතිං බූරු පුතා කොම්පූටරයක් මුලින්ම දැක්කෙ. සහ අල්ලව්වෙ.

ඒ වගේම බූරු පුතාට මරු වැඩක් උනා . . . .

මම එක දවසක් අර අයිය එහාට මෙහාට වෙනකන් බලාන ඉඳල කාරිය එබුව අර මවුස් එකේ බොත්තමක්. මගෙ කරුමෙට ඒ වෙලාවෙ එබුනෙ රයිට් ක්ලික් එක. ඒ කාලෙ මම දන්න මගුලක් නැති නිසා කෙලමන්ටෙරියන් ප්රෙස්බිටේරියන්ම උනා. මොකද ඉතිං ඩෙස්ක්ටොප් එකේ රයිට් කිලික් උන හැටයෙම ආව නෙව අර රයිට් ක්ලික් එකට එන මෙනු එක. මොනා කොරන්නද. මම නෙමේ වාගෙ පාඩුවෙ බලාන උන්න. මම හිතුවෙ මේ වැඩේ කෙල උනා තමා කියල. අර අයිය කාමරේට එනකොට බූරුපුතාට හීන් දාඩිය දාල . . .

මෙන්න බොලේ මේ යකාට මේක ගානක් වත් නෑ, ඔහේ මවුස ඇල්ලුව අනික් පැත්තෙ කිලික් එක එබුව ඒත් එක්කම අර ආපු මෙව්ව එක නැති වෙලා ගියා. . . .

වෙලාවට අර අයියට එච්චර මීටර් නෑ සිද්ධිය.

හිකිස් ඕන්න ඔහොම තමා මගේ කොම්පූටර් ජීවිතේ ආරම්බ උනේ. ඒත් ඉතිං එදා ඉඳල ඒකට තියන ආසාව තව වෙනකන් වත් මගෙන් එක මොහොතකටවත් ඈත් වෙලා නෑ.

එදා මම ඒ ලෙවකෑවෙ වින්ඩෝස් 98 දාපු කොම්පූටරයක්. ඒකෙ පර්ෆෝර්මන්ස් එහෙම නම් මට ඒ හැටි තේරුමක් නෑ, අද මම මේ බ්ලොග් එක ලියන්නේ මගේම ලැප්ටොප් එකෙං. ඒත් ඉතිං අර අයියන්ඩිය මට තාමත් බොහෝ විට ගුරුහරුකම් දෙනව. අපේ උඩ ගෙදර එකා නම් දැං විස්ස විද්‍යාලෙ ඉගෙනගන්නව. මම අනිද්දට මගේ උසස් ඩිප්ලෝමාවට ඉගෙනගන්න පටන්ගන්නව. ඒත් ඒ අතීතෙ මාරම ආතල්. මතක් වෙනකොටත් හදවත කිති කැවෙනව.

මේ පෝස්ට් එක අවසාන කොරන්ට මේකත් නොකියම බෑ. . . . අර අයිය පහුං කාලෙක අපිට ඔපිස් වගේම වෙබ් ඩිසයිනින් එහෙමත් කියල දුන්න. අද එතුම ශ්‍රී ලංකාවෙ පිහිටි ඕස්ට්‍රේලියානු වෙබ් ඩිසයිනින්ග් කරන කොම්පැනියක වැඩ. එතුමා නිසා අපිත් මේ ශේත්රයේ ආපු මාර්ගය නම් ගොඩාක් දුරයි. එතුමාටත් උපහාරයක් වේව කියලම අදට නවත්තනව. එහෙනම් ඔබ සැමට ජයම වේවා . . . .බූරු පුතාhttp://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.com8tag:blogger.com,1999:blog-7650162290313161602.post-79894270131140308802011-02-16T08:47:00.000-08:002011-02-16T08:55:22.336-08:00තරහ අවසර ටෙක් රජානෙනි. ( අසරණ අප නෙතින් බලා බ්ලොග් ලියන්න වඩිනු මැනවි )

ඔන්න මේ බූරු පුතාගෙ දෙවන ලිපිය.

කෙනෙක් ගේ බ්ලොග් ලියමන ගැන මට ඉල්ලීමක් කරන්න අයිතියක් නැති උනත් බූරුවෙක් වගේ මේ ලිපිය ලියන්න හිතුනේ මට මේ බ්ලොග්කරුවන් දෙන්න නැති අඩුව හොඳින්ම දැනෙන නිසා.

මුලින්ම මම මේ බ්ලොග් කෙරුවාව ගැන දැනගත්තේ මගේ යාලුවෙක් ගෙන්.

ඌ දැනට එක්තරා විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනව. මේ සිද්ධිය වෙනකොට අපි දෙන්නම ඒ ලෙවල් කොරල ගෙදරට වෙලා කොම්පූටරේ එක එක සෙල්ලං දම දම ඉන්න කාලෙ. මම ගත්ත උට කෝල් එකක්.

මිතුරා ගත්ත ගමන් හෙලෝ. . . . කියපං කිව්ව.

ලොක්ක වැඩක්ද?

නෑ බං කියපං මොකද මල පැනල වගේ.

නෑ බං අදත් මේ අපේ අයිය කාරය මගේ කොම්පූටරේට ඇරල ගිහිල්ල බං. උදේ පාන්දර මේකට පෙන් එක ගහගෙන දඟලල එහෙමම ඕෆ් කරල ගියා. මම දාල බලද්දි ටාස්ක් මැනේජරේ එන්නෙත් නෑ. රෙජිස්ට්‍රියට යන්නත් බෑ.

අඩේ ඔය කීවෙනි පාරටද බං ඕක ඔය මගුලට වයිරස් දැම්මෙ?

අනේ මන්ද බං. උබුන්ටු පාවිච්චි කරන්න වත් තිබ්බ නං.

ඇයි බැරි මොකද?

ඉතිං බං ඕකෙ කමාන්ඩ්ස් එහෙම අපි දන්නේ නෑ නෙ.

අනේ *ක තමා. . . . . ඕන නම් කරන්න බැරි මොනාද බං මම උඹට ලින්ක් එකක් එවන්නං කො. ඒක කියවල බලල මට ඔය කතාව ආයෙම කියපංකෝ බලන්න.

බ්ලා බ්ලා බ්ලා. . . .

කෝම හරි සංවාදෙට පස්සේ ඊමේල් එකට ලොග් වෙලා බැලුව. මෙන්න මේක එවල ලින්ක් එකක්.

http://blog.shaakunthala.com/2009/10/blog-post_14.html

ඔය තියෙන්නේ එන්න ඒ ලින්ක් එක තමා.

ලිපිය කියවල බැලුව. ආයෙම කියවල බැලුව. පොඩ්ඩක් වෙලා කල්පනා කරල ආයෙම ලිංක් එකට ගිහිල්ල මුලු බ්ලොග් එකම කියවව්ව.

ආයෙ ගත්ත අරූට කෝල් එකක්.

ඒ කවුද බං මේක ලියන ඩයල්ස් එක.

මං දන්නේ නෑ බං

එහෙනං

ඔය සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය කියල එකක කට්ටියක් බං. මමත් වැඩි විස්තර දන්නේ නෑ. blogs.sinhalabloggers.com එකට ගිහිල්ල බලහන්කෝ. ඔය ශාකුන්තල කියන පොරයි ඉන්ද්‍රනාම කියන එකයි තමා එලම ඒව දාන්නේ. සුපිරිම වැඩ්ඩො දෙන්නෙක් බං. මම හිතන්නෙ දෙන්නම එලම වැඩකාරයො.

ඔන්න එදා ඉඳල තමා මේ බූරුපුතා බ්ලොග් කියවන්න පටං ගත්තේ.

හරි නිධාන කතාව ඇති.

දැං බණ.

ඇත්තම කාරණය නම් දැං මේ දෙන්නම සිංහල බ්ලොග් ලියමනෙන් සෑහෙන්න ඈත් වෙලා. මේකට හේතුවත් මම හොඳින්ම දන්නවා. ඔය අපේ ඉන්ද්‍රනාම කියන සහෝදරය දැනට එතුමාගේ රැකියාව නිසා ඇති උන කාර්යබහුලත්වය නිසාම බ්ලොග් ලියමනෙන් මදක් ඈත් වෙලා. නමුත් එතුමා හැකි විදිහට මයික්‍රෝ බ්ලොගයක් ලියනව. ඒත් ඉස්සර වගේ දිග ලිපි ලියන්න එතුමාට වෙලාවක් නැහැ.

අපේ ශාකුන්තල සහෝදරයත් මොකක්දෝ ආයතනයක වැඩ කරා. ඊට පස්සේ විද්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉවර වෙනවත් එක්කම අන්තරස්ධාන උනා. දැන් නම් මේ උත්තමය ජීවත්වෙනව කියන එකට තියන එකම ශාක්ශිය ඉඳල හිටල මූනු පොතේ දාන ස්ටේටස් අප්ඩේට්ස් විතරයි.

ඒ මොනා උනත් මටනම් මේ දෙන්නම ගූගල් දෙය්යන්ටත් වඩා වටිනව. ඕනම ප්‍රසිද්ධ වේදිකාවක උනත් පසඟ පිහිටුවා වඳින්න එදා වගේම මේ බූරු පුතා අදටත් සුදානම්. මොකද ඒ දෙන්නම මගේ ලෝකෙ ඉන්න ලොකුම වීරයො. ඒ දෙන්නම මේ බ්ලොග් ලියන්නේ ඒ දෙන්නගේ ජීවිතේම අත්දැකීම් වලින්. ඔය ගොඩක් ටෙක්නොලොජි ගැන බ්ලොග් ලියන අය කරනව වගේ මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හරි ඉස්ක්රිප්ට් කෑල්ලක් හරි දීල ශේප් වෙච්ච අය නෙවේ. අදටත් මේ දෙන්න වගේම වාටිනා බ්ලොග් ලියන කීප දෙනෙක් ඉන්නවා. නමුත් එදිනදා ජීවිතයෙදි තමන් අත්දැක්ක තාක්ෂනික දේවල් ලෙසටම ගලපල කරල ලියන්න මේ දෙන්න තරම් දක්ශයෝ මේ බ්ලොග් කරනයේදි මට නම් හමු වෙලා නැහැ.

මේ දෙන්නගේම බ්ලොග් එක අදට උනත් කියවන අයට නම් ඒකෙ හැම ලිපියකම වාගේ ගන්න දේවල් තියනව. අනික තමා මේ දෙන්න තමන් දන්න දේවල් කිසිම ලෝබකමක් නැතුව කියල දෙන්නේ අපේ බොහෝ ගුරුවරු වත් නොකරන තරම් පිලිවෙලට.නමුත් මේ දෙන්නම බ්ලොග්කරණයෙන් ඈත් උන නිසා දැන් නම් මටත් බ්ලොග් කියවන එකත් එපා වෙලා වගේ.

මම බූරුවෙක් උනාට මට හොඳටම තේරෙනව මේ දෙන්නම බ්ලොග් කරණයෙන් ඈත් උනේ ඉතාම සාධාරණ හේතු නිසා. නමුත් මගේ මේ බ්ලොග් එකේ හඳුන්වාදීමට පසු ලියන පලමු ලිපිය මේ විදිහට මේ දෙන්නට උපහාරයක් වෙන විදිහට ලියන්න හිතුවෙ මේ දෙන්නගෙන්ම ඉතාම අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. අනේ අපි දිහා සානුකම්පිතව බලල පුලුවන් වෙලාවට එක ලිපියක් හරි ලියන්න. මොකද අපිට කොහෙන්වත් ඉගෙනගන්න බැරි බොහේ දේවල් ඔය දෙන්නම කියල දුන්න. ඒ පින් බලයෙන් ඔය දෙන්නටම ඉතාම වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව. ඒ වගේම ආයෙමා බ්ලොග් ලියන්න නිදහසක් ලැබෙන්න කියලත් මගේ මේ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.

එහෙනම් මතකයි නේ. ආයෙම බ්ලොග් ලියන්න ඕනෙ හොඳද?

ඔන්න බ්ලොග් කියවන ගොඩාක් අය වගේම මේ බූරු පුතත් මග බලාගෙන ඉන්නව හොඳද?

අසරණ අප නෙතින් බලා බ්ලොග් ලියන්න වඩිනු මැනවි
ඉන්ද්‍රනාම ශාකුන්තල නැවතත් බ්ලොග් ලියනු මැනවි.බූරු පුතාhttp://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.com10tag:blogger.com,1999:blog-7650162290313161602.post-8449577657842012612011-01-19T20:35:00.000-08:002011-01-19T20:41:49.751-08:00බූරු පුතාගේ ආගමනය

ආයුබෝවන්

මම බූරු පුතා වෙමි.

කකුල් දෙකේ බූරුවකු වන මා මිනිස් සිරුරට සමාන සිරුරකින් ද ඉතා අවලස්සන රූප සොභාවකින්ද යුක්ත වෙමි. ඕනෑම කෙනෙකුගේ ඕනෑම මගුලකට බූරුවෙකු මෙන් හොට දාන මා බූරුවෙකු මෙන් එහි බර කරට ගෙන බූරුවෙකු සේ සාටර් වෙන්නේය. එමෙන්ම මිනිසෙකුට මෙන් වටකුරු හිසක් ඇති මගේ එම හිස තුල ඇත්තේ සාමාන්‍ය බූරුවකුට වඩා ඉතාමත් කුඩා මොලයකි. එය ඉතා ඝන ගොම මිශ්‍රිත මැටි තට්ටුවකින් වැසී කිසිවෙකුට භාවිතයට ගත නොහැකි ලෙස ආරක්ශිතව පවතී.

මගේ වැඩිහිටියන් මා අමතන්නේ බොල . . . බූ . .රූ. . . . පුතේ කියාය.

ඒ වැඩිහිටියන්ගේ ආදරය බෙහෙවින් දැනෙන්නේ මා හට දුකක් ඇති වූ විට වැඩිහිටියන් මා සනසන "බොල . . බූරූ පුතේ . . . දුක සෝකා ඉතිං ඉවසම්" යන පද පෙලින් ය.

කේන්ති ගිය විටක ඔවුන් මා හට තරවටු කරන්නේ තෝ මහ බූරුවෙක් හෝ බූරු වැඩ කරන්න එපා යකෝ කියමින් ය. මට බූරු වැඩ , බූරුවා යන පද කණට මී පැණි වත් කරන්නාක් මෙන් මිහිරිය. ඒ නිසා මා සෑම විටම බූරු වැඩ කිරීමට පෙලඹෙන්නේ මා ද නොදැනුවත්වමය.

කාලයක් තිස්සේ බූරුවෙක් මෙන් නිහඬව සිටි මා මාගේ මේ බූරු සිත තුල බූරු වේශයෙන් පැන නගින බූරු අදහස් පැවසීමට තැනක් සොයමින් සිටියද එම අදහස් මා හිතාදර බූරුවන්ට කියා පලක් නැති බැවින් වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් ලියන කියවන ආදරණීය මිනිසුන් වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.

ඒ සඳහා බූරු පුතා වන මාගේ හිතාදර බූරුවගේ සහය නොලැබෙන බැවින් මෙය කියවන ඔබ සැමගේ සහයෝගය පතන්නේ මේ බූරුවාගේ බූරු අදහස් සහ අත්දැකීම් තව තවත් මේ බූරු හිත් තුල සිර කරගෙන සිටි නොහැකි නිසාමය.

ඉතිං සිංහල බ්ලොග් කරුවන් අතර හාවුන් මැස්සන් වැනි සතුන් සිටියද බූරුවෙකු නැති අඩුව පිරවීමට මා කැමැත්තෙන් ම ඉදිරිපත් වන්නේ බූරුවන්ගේ අභිමානය හා ආඩම්බරය රැකගනීම උදෙසා දිගින් දිගටම බූරු අදහස්ම ඉදිරිපත් කිරීමටය. එමෙන්ම මේ බූරුවාට බූරු වැඩ කර ලැබෙන හොඳ හොඳ අත්දැකීම් ඔබ සැම සමග බෙදා ගැනීමට මෙම බූරු පුතා බලාපොරොත්තුවෙන් සිටී.

එහෙනම් ආයුබෝවන් මිනිසුනේ.

එන්න බූරුවෙක් ආසරේ කරල වෙනස වටහාගන්න.බූරු පුතාhttp://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.com30