Sunday, February 27, 2011

බූරු පුතාගේ මුල්ම කොම්පූටර් අත්දැකීම.



ආයුබෝවන්ට ඔක්කොමල්ලට.

මේක ලියන්නේ බූරුපුතාගේ අතීත මතක සටහන් ගැන මතක් වෙලා. මේක මතක් උනේ අපේ ටෙක් කතා එකේ කස්ටිය 72 වන වැඩසටහනෙදි කතා වෙච්ච දේවල් අහගෙන ඉන්නකොට.


ඒ එකදහස් නමසිය අනූ අටේ මයෙ හිතේ. ඔව් එහෙම වෙන්ට ඕනෙ. කෝම හරි බූරුපුතාට අවුරුදු අටක් විතර. ඕන්න ඒ දවස් වල බූරුපුතාගෙ වැඩේ ඉස්කෝලෙ ඇරිල ආපු ගමන් මොනා හරි ගිලල දාල සෙල්ලං කොරන්ට දුවන එක නෙව. ඒත් ඉතිං බූරුපුතාට සෙල්ලං කොරන්ට අවසර තිබ්බේ අහල පහල ගෙවල් කිහිපයක ඈයො එක්කල විතරයි. ගොඩක් වෙලාවට බූරුපුතා සෙල්ලං කරන්නෙ උඩ ගෙදර එකත් එක්ක තමා. සෙල්ලං කොරන්ට යන්ටත් ඉතිං උන්ද ගෙදර එනකං බලාන ඉන්ට එපායැ. මොකද බූරුපුතා ගමේ ඉස්කෝලෙට ගියාට මගේ අතිජාත මිත්‍ර අසල්වාසියා වගේම උන්දගෙ ගෙට පල්ලෙං ගෙදර, ඒ කියන්නෙ අනික් පැත්තට වෙන්ට පල්ලමේ ගෙදර ඉන්න අයියත් ඉස්කෝලෙ ගියේ ටවුමෙ තියන ලොකු ඉස්කෝල දෙකකට නෙව. ඉතිං උඩිං ගෙදර උන්ද එනකං බලාන ඉඳල මම දුවනව එහාට.

මල්ලී . . . .මල්ලී. . . .

ඕන්න ඉතිං ඊට පස්සෙ එව්ව බොහොම සාමාන්‍යයි.
දුවනව පනිනව හැන්ගෙනව හොයනව ගස් උඩ ගෙවල් හදනව කානු අස්සෙ බංකර් ගහනව.

ආයෙ ඉතිං ෆුල්ම ෆන්.
එක දවසක් ඔන්න මගේ උඩ ගෙදර එකා කියපි අර අයියලාගෙ ගෙදරට හෙට කොම්පූටරයක් ගේනව කියල.
මොකා කොම්පූටරයක්.
ඔව් ඔව් අර බැංකු වල එහෙම තියෙන්නෙ.
ම්හ්හු මං දන්නෙ නෑ.
ඕන්න ඉතින් එදා කතාව ඊට පස්සෙ ආයෙමත් සෙල්ලමට.
අනික් දවසෙ සෙනසුරාදාවක් මයෙ හිතේ. එදාට ඉතිං කුකුලත් අතිං අරගෙන මම බඩගාන්නෙ අර ගෙදරට තමා.....
ඕන්න පුරුදු විදිහට.
මල්ලී. . . .
මල්ලී. . . .

අනේ පුතා එයා අහවල් අයියලාගෙ ගෙදර ( ඒ කිව්වෙ අර කොම්පූටරේ ගෙනාපු දිහාවෙ ) ගියා නෙ. අෆ්ෆද බොල.

කාල හමාරයි නෙ.
ඉතිං මූඩ් ගහගෙන ගෙදර ඇවිල්ල තනියම සෙල්ලං කොලා. දන්නෙ නැද්ද බල්ලට හරි පූස් තඩියට හරි වද දෙන වැඩ, එහෙමත් නැත්තං කොල තලල එකක එක පාට වර්ග හදන එක වගේ එව්ව තමා එදා වැඩ.
අනික් දවස ඉරිද.
අෆ්ෆද බොල. උදේම ගියාම අදත් අර උත්තරේම නෙව.
අම්ම ගහයි බැට් එකෙං කිව්වලු.
මටත් අර ගෙදරට යන්ට නම් කකුල් දෙක නලියනව. ඒත් ඒ වෙනකොට මම එහෙට ගිහිල්ලම නෑ නෙව. ඒ වුනාට ඒයත් එක්කල සෙල්ලම් නම් කරල තියනව. ඒත් මෙ ගෙදරම නෙව. අපරාදෙ ,මමත් එහෙ ගොහිල්ල තිබුන නම් මාත් එහෙ නෙ, අර කොම්පූටරේ ද මොකක්ද එක මාර මැජික් එකක් වෙන්ටැ. නැත්තං මේ යෝදය නිති පතා එහෙ දුවයි යැ.
ඊලඟ දවස සඳුද නෙව. අයෙ මොනාද අද නම් අරූට මගෙන් ගැලවීමක් නෑ . . .
මග රැකගෙන ඉඳල අල්ලගත්ත බෙල්ලෙන්ම.හිකිස්
ඒත් ඉතිං මෙන්න බොලේ මූ අදත් අර ගෙදරට ගාටන්ට කල්පනාව. මටත් යමු ලු. ( ම්ම්ම් . . . . ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වලු. ) යමං කියල මාත් ගියා. . . . ඕන්න අර කොලුවයි මායි වත්තෙ පල්ලෙහාට ගච්චල අර අයියලාගෙ ගෙදර පැත්තට කිට්ටු කොලා. අරූ ට නම් හොඳට පුරුදුයි නෙව. මට නිකං මොකක්ද වගේ. ඕන්න ඉතිං ඊට පස්සෙ අපි අර අයියගෙ කාමරේට කිට්ටු කොරල ජනේලෙන් ඇහැ තියල බැලුව. අඩේ මොකක්ද මන්ද එක සුදු පාට පෙට්ටියක කොල පාට බලුප් එකක් පත්තු වෙනව. ඊට පහලින් තියන රතු පාට බලුප් එකක් නිවි නිවි පත්තු වෙනව.
අම්මද බොල මෙව්ව නෙ බලන්ට වටින එව්ව. ඒ අස්සෙ අනික් පැත්තෙ තියන තඩි මාලු ටැන්කිය වගේ එකේ එක එක රූප, නිකං ටීවී එකක් වගේ. ඒ කාලෙ අපේ ගෙදර ටීවී එකක් නොතිබ්බට මම ටී වී නම් බලල තිබුන ඕන හැටියට.
අහ්හ් ඕකට තට්ටු දාන්නෙ එනව එනව ඇතුලට. (ඒ සද්දෙ ඇහුනෙ ඇතුලෙන්)
මාත් ගියා අරූගෙ පස්සෙං ම ගෙට.
අපි ඉතිං ගෙට යනකොට මේ අයිය අර කොම්පූටරේ නිවල වෙන්ටැ රෙද්දකිං වහනව අපි කාමරේට යනකොට. අහ්හ් ඊට පස්සෙ එදා ඉතිං සෙල්ලං කොරනව ඇරුනම වෙන මොකුත් නෑ. ඒත් ඉතිං ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් අපේ අයියල ඩබොලට නම් කනක් ඇහෙන්න දුන්නෙම නෑ. අර දැක්ක චුට්ටි දේ ගැන ආයෙ ඇඳට වැටෙනකන්ම කයිය තමා. . . . . . . .

ආයෙ ඉතිං මට එක දවසක් ඒ ගෙදරට රින්ගගත්ත කියන්නෙ ඉතිං ඊට පස්සෙ මොනාද?
දැං ඉතින් හැමදාම හවහට අර අයියලාගෙ ගෙදර තමා වැඩ කටයුතු. ඒ කාලෙ ඉතිං මට ඕක අල්ලන්ට ආස උනාට ඒ හැටි තේරුමක් හෙම නෑ නෙව. අරුන් ඩබල නම් ඕන්න ගහනව ගේම් එහෙම නැති වෙන්ට. ආයෙ මොනාද කොමාන්ඩෝස් 1 සහ මෝටල් කොම්බැට්. ඔය දෙක තමා මරන්නෙ ලෙසටම.
මට ඉතිං කරන්න තියෙන්නෙ හැමදාම හවස තුන හමාරෙ විතර ඉඳන් හය විතර වෙනකං බලාන ඉන්න එක තමා අර කොම්පූටරේ දිහා. මටත් ආසයි අරක අල්ලල කොරල බලන්ට. ඔන්න ඒක දවසක් මයෙ හිතේ අර මුලිං දැකපු දාට අවුරුදදකට විතර පස්සෙ එක දවසක මට ඒ චාන්ස් එක වැදුනා. . . . ඒ කොම්පුටරේ ඕෆ් වෙන්ට දාල අර අයිය ගියා කුස්සියට වතුර ටිකක් බොන්ට. ඒ ගමන් මට කිව්ව ඕක ඕෆ් උනාම යු පී එස් එකෙං ඕෆ් කොරන්ට කියල. මට මේක හැමදාම බලාන ඉඳල ඉතිං කොම්පූටරේ දාන්න ඕෆ් කරන්ට වගේම ඔන් කොරල ගේම් එකක් දාගන්න උනත් දැනුමක් ලැබිල තිබ්බ මේ බලාන ඉඳිල්ලෙංම. ඒත් ඉතිං කවදාවත් අල්ලල නම් නෑ. මම ඉතිං අර බොත්තම ඔබව්ව. කුක් ගාල සද්දයක් ආව මිසක් අර අයිය ඔබපුවාම වගේ බලුප් එක නිමුනෙ නම් නෑ. අෆ්ෆට සිරි දැං මොකද කරන්නෙ . අයියේ . . . .මේකෙ බලුප් එක නිමෙන්නේ නෑ නෙ. කෝ කෝ එහාට වෙයං කියල ඒ අයිය අර බොත්තම තත්පර තුනක් විතර ඔබාන හිටිය එතකොට තමා ඒක ඕෆ් උනේ. කවද කාපු ටකරන්ස් ද මෙව්ව.
ඔහොම තමා ඉතිං බූරු පුතා කොම්පූටරයක් මුලින්ම දැක්කෙ. සහ අල්ලව්වෙ.
ඒ වගේම බූරු පුතාට මරු වැඩක් උනා . . . .
මම එක දවසක් අර අයිය එහාට මෙහාට වෙනකන් බලාන ඉඳල කාරිය එබුව අර මවුස් එකේ බොත්තමක්. මගෙ කරුමෙට ඒ වෙලාවෙ එබුනෙ රයිට් ක්ලික් එක. ඒ කාලෙ මම දන්න මගුලක් නැති නිසා කෙලමන්ටෙරියන් ප්‍රෙස්බිටේරියන්ම උනා. මොකද ඉතිං ඩෙස්ක්ටොප් එකේ රයිට් කිලික් උන හැටයෙම ආව නෙව අර රයිට් ක්ලික් එකට එන මෙනු එක. මොනා කොරන්නද. මම නෙමේ වාගෙ පාඩුවෙ බලාන උන්න. මම හිතුවෙ මේ වැඩේ කෙල උනා තමා කියල. අර අයිය කාමරේට එනකොට බූරුපුතාට හීන් දාඩිය දාල . . .
මෙන්න බොලේ මේ යකාට මේක ගානක් වත් නෑ, ඔහේ මවුස ඇල්ලුව අනික් පැත්තෙ කිලික් එක එබුව ඒත් එක්කම අර ආපු මෙව්ව එක නැති වෙලා ගියා. . . .
වෙලාවට අර අයියට එච්චර මීටර් නෑ සිද්ධිය.
හිකිස් ඕන්න ඔහොම තමා මගේ කොම්පූටර් ජීවිතේ ආරම්බ උනේ. ඒත් ඉතිං එදා ඉඳල ඒකට තියන ආසාව තව වෙනකන් වත් මගෙන් එක මොහොතකටවත් ඈත් වෙලා නෑ.
එදා මම ඒ ලෙවකෑවෙ වින්ඩෝස් 98 දාපු කොම්පූටරයක්. ඒකෙ පර්ෆෝර්මන්ස් එහෙම නම් මට ඒ හැටි තේරුමක් නෑ, අද මම මේ බ්ලොග් එක ලියන්නේ මගේම ලැප්ටොප් එකෙං. ඒත් ඉතිං අර අයියන්ඩිය මට තාමත් බොහෝ විට ගුරුහරුකම් දෙනව. අපේ උඩ ගෙදර එකා නම් දැං විස්ස විද්‍යාලෙ ඉගෙනගන්නව. මම අනිද්දට මගේ උසස් ඩිප්ලෝමාවට ඉගෙනගන්න පටන්ගන්නව. ඒත් ඒ අතීතෙ මාරම ආතල්. මතක් වෙනකොටත් හදවත කිති කැවෙනව.
මේ පෝස්ට් එක අවසාන කොරන්ට මේකත් නොකියම බෑ. . . . අර අයිය පහුං කාලෙක අපිට ඔපිස් වගේම වෙබ් ඩිසයිනින් එහෙමත් කියල දුන්න. අද එතුම ශ්‍රී ලංකාවෙ පිහිටි ඕස්ට්‍රේලියානු වෙබ් ඩිසයිනින්ග් කරන කොම්පැනියක වැඩ. එතුමා නිසා අපිත් මේ ශේත්‍රයේ ආපු මාර්ගය නම් ගොඩාක් දුරයි. එතුමාටත් උපහාරයක් වේව කියලම අදට නවත්තනව. එහෙනම් ඔබ සැමට ජයම වේවා . . . .

8 comments:

  1. pattama lassanai macho

    ReplyDelete
  2. :D ඉස්තූතියි යාලුවා . . . .

    ReplyDelete
  3. නියමයි බන්... මමත් 6 වසරෙ ඉන්නකොට අපිට මුලින්ම කම්පියුටර් තිබ්බෙ... DOS තියෙන හද්ද පරන මැශින් වගයක්.. ඒකාලෙ ලැබ් එකට යන්නත් බයයි... මතක් වෙද්දි සිරා ආතල්

    ReplyDelete
  4. :D අපේ කාලෙ නම් ඉතිං ජී යූ අයි තිබ්බ. ඒත් අපි ඒ කාලෙත් ආස කලේ ශෙල් එකටම තමා අද කාලෙ වගේම.
    Theres a shell, Theres a way.

    ReplyDelete
  5. අපිත් ඉතින් ඒකාලෙ කරේ ගේම් ගහන එක තමයි. ඒත් තනියම ගේම් එක ලෝඩ් කර ගන්න වත් දන්නෙ නෑ. කවුරුහරි ගේම් එක ලෝඩ් කරල ප්ලේ කරන හැටිත් කියල දුන්නම අපිත් ඔබා ගෙන ඔබා ගෙන යනව. හරිම සිම්පල් :D

    ReplyDelete
  6. හිකිස්. :D මම නම් කොම්පූටරේ අල්ලන්න කලින් අවුරුද්දක් විතර ඒක පාවිච්චි කරන හැටි කෙල හල හලා බලාන උන්න නිසා එච්චර ගැටලුවක් උනේ නෑ.

    ReplyDelete
  7. ඔස්ට්‍රේලියන් වෙබ් ඩිසයින් කොම්පැනියක් කිවුවේ Net Starter ද?

    ReplyDelete
  8. හ්ම්ම් හ්ම්ම් ඔහේ කෝමෙයි ඒක දන්නේ?

    ReplyDelete