Wednesday, February 16, 2011

තරහ අවසර ටෙක් රජානෙනි. ( අසරණ අප නෙතින් බලා බ්ලොග් ලියන්න වඩිනු මැනවි )


ඔන්න මේ බූරු පුතාගෙ දෙවන ලිපිය.

කෙනෙක් ගේ බ්ලොග් ලියමන ගැන මට ඉල්ලීමක් කරන්න අයිතියක් නැති උනත් බූරුවෙක් වගේ මේ ලිපිය ලියන්න හිතුනේ මට මේ බ්ලොග්කරුවන් දෙන්න නැති අඩුව හොඳින්ම දැනෙන නිසා.

මුලින්ම මම මේ බ්ලොග් කෙරුවාව ගැන දැනගත්තේ මගේ යාලුවෙක් ගෙන්.

ඌ දැනට එක්තරා විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබනව. මේ සිද්ධිය වෙනකොට අපි දෙන්නම ඒ ලෙවල් කොරල ගෙදරට වෙලා කොම්පූටරේ එක එක සෙල්ලං දම දම ඉන්න කාලෙ. මම ගත්ත උට කෝල් එකක්.

මිතුරා ගත්ත ගමන් හෙලෝ. . . . කියපං කිව්ව.

ලොක්ක වැඩක්ද?

නෑ බං කියපං මොකද මල පැනල වගේ.

නෑ බං අදත් මේ අපේ අයිය කාරය මගේ කොම්පූටරේට ඇරල ගිහිල්ල බං. උදේ පාන්දර මේකට පෙන් එක ගහගෙන දඟලල එහෙමම ඕෆ් කරල ගියා. මම දාල බලද්දි ටාස්ක් මැනේජරේ එන්නෙත් නෑ. රෙජිස්ට්‍රියට යන්නත් බෑ.

අඩේ ඔය කීවෙනි පාරටද බං ඕක ඔය මගුලට වයිරස් දැම්මෙ?

අනේ මන්ද බං. උබුන්ටු පාවිච්චි කරන්න වත් තිබ්බ නං.

ඇයි බැරි මොකද?

ඉතිං බං ඕකෙ කමාන්ඩ්ස් එහෙම අපි දන්නේ නෑ නෙ.

අනේ *ක තමා. . . . . ඕන නම් කරන්න බැරි මොනාද බං මම උඹට ලින්ක් එකක් එවන්නං කො. ඒක කියවල බලල මට ඔය කතාව ආයෙම කියපංකෝ බලන්න.

බ්ලා බ්ලා බ්ලා. . . .

කෝම හරි සංවාදෙට පස්සේ ඊමේල් එකට ලොග් වෙලා බැලුව. මෙන්න මේක එවල ලින්ක් එකක්.

http://blog.shaakunthala.com/2009/10/blog-post_14.html

ඔය තියෙන්නේ එන්න ඒ ලින්ක් එක තමා.

ලිපිය කියවල බැලුව. ආයෙම කියවල බැලුව. පොඩ්ඩක් වෙලා කල්පනා කරල ආයෙම ලිංක් එකට ගිහිල්ල මුලු බ්ලොග් එකම කියවව්ව.

ආයෙ ගත්ත අරූට කෝල් එකක්.

ඒ කවුද බං මේක ලියන ඩයල්ස් එක.

මං දන්නේ නෑ බං

එහෙනං

ඔය සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය කියල එකක කට්ටියක් බං. මමත් වැඩි විස්තර දන්නේ නෑ. blogs.sinhalabloggers.com එකට ගිහිල්ල බලහන්කෝ. ඔය ශාකුන්තල කියන පොරයි ඉන්ද්‍රනාම කියන එකයි තමා එලම ඒව දාන්නේ. සුපිරිම වැඩ්ඩො දෙන්නෙක් බං. මම හිතන්නෙ දෙන්නම එලම වැඩකාරයො.

ඔන්න එදා ඉඳල තමා මේ බූරුපුතා බ්ලොග් කියවන්න පටං ගත්තේ.

හරි නිධාන කතාව ඇති.

දැං බණ.

ඇත්තම කාරණය නම් දැං මේ දෙන්නම සිංහල බ්ලොග් ලියමනෙන් සෑහෙන්න ඈත් වෙලා. මේකට හේතුවත් මම හොඳින්ම දන්නවා. ඔය අපේ ඉන්ද්‍රනාම කියන සහෝදරය දැනට එතුමාගේ රැකියාව නිසා ඇති උන කාර්යබහුලත්වය නිසාම බ්ලොග් ලියමනෙන් මදක් ඈත් වෙලා. නමුත් එතුමා හැකි විදිහට මයික්‍රෝ බ්ලොගයක් ලියනව. ඒත් ඉස්සර වගේ දිග ලිපි ලියන්න එතුමාට වෙලාවක් නැහැ.

අපේ ශාකුන්තල සහෝදරයත් මොකක්දෝ ආයතනයක වැඩ කරා. ඊට පස්සේ විද්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ඉවර වෙනවත් එක්කම අන්තරස්ධාන උනා. දැන් නම් මේ උත්තමය ජීවත්වෙනව කියන එකට තියන එකම ශාක්ශිය ඉඳල හිටල මූනු පොතේ දාන ස්ටේටස් අප්ඩේට්ස් විතරයි.


ඒ මොනා උනත් මටනම් මේ දෙන්නම ගූගල් දෙය්යන්ටත් වඩා වටිනව. ඕනම ප්‍රසිද්ධ වේදිකාවක උනත් පසඟ පිහිටුවා වඳින්න එදා වගේම මේ බූරු පුතා අදටත් සුදානම්. මොකද ඒ දෙන්නම මගේ ලෝකෙ ඉන්න ලොකුම වීරයො. ඒ දෙන්නම මේ බ්ලොග් ලියන්නේ ඒ දෙන්නගේ ජීවිතේම අත්දැකීම් වලින්. ඔය ගොඩක් ටෙක්නොලොජි ගැන බ්ලොග් ලියන අය කරනව වගේ මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හරි ඉස්ක්‍රිප්ට් කෑල්ලක් හරි දීල ශේප් වෙච්ච අය නෙවේ. අදටත් මේ දෙන්න වගේම වාටිනා බ්ලොග් ලියන කීප දෙනෙක් ඉන්නවා. නමුත් එදිනදා ජීවිතයෙදි තමන් අත්දැක්ක තාක්ෂනික දේවල් ලෙසටම ගලපල කරල ලියන්න මේ දෙන්න තරම් දක්ශයෝ මේ බ්ලොග් කරනයේදි මට නම් හමු වෙලා නැහැ.

මේ දෙන්නගේම බ්ලොග් එක අදට උනත් කියවන අයට නම් ඒකෙ හැම ලිපියකම වාගේ ගන්න දේවල් තියනව. අනික තමා මේ දෙන්න තමන් දන්න දේවල් කිසිම ලෝබකමක් නැතුව කියල දෙන්නේ අපේ බොහෝ ගුරුවරු වත් නොකරන තරම් පිලිවෙලට.නමුත් මේ දෙන්නම බ්ලොග්කරණයෙන් ඈත් උන නිසා දැන් නම් මටත් බ්ලොග් කියවන එකත් එපා වෙලා වගේ.

මම බූරුවෙක් උනාට මට හොඳටම තේරෙනව මේ දෙන්නම බ්ලොග් කරණයෙන් ඈත් උනේ ඉතාම සාධාරණ හේතු නිසා. නමුත් මගේ මේ බ්ලොග් එකේ හඳුන්වාදීමට පසු ලියන පලමු ලිපිය මේ විදිහට මේ දෙන්නට උපහාරයක් වෙන විදිහට ලියන්න හිතුවෙ මේ දෙන්නගෙන්ම ඉතාම අසාධාරණ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. අනේ අපි දිහා සානුකම්පිතව බලල පුලුවන් වෙලාවට එක ලිපියක් හරි ලියන්න. මොකද අපිට කොහෙන්වත් ඉගෙනගන්න බැරි බොහේ දේවල් ඔය දෙන්නම කියල දුන්න. ඒ පින් බලයෙන් ඔය දෙන්නටම ඉතාම වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව. ඒ වගේම ආයෙමා බ්ලොග් ලියන්න නිදහසක් ලැබෙන්න කියලත් මගේ මේ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.

එහෙනම් මතකයි නේ. ආයෙම බ්ලොග් ලියන්න ඕනෙ හොඳද?

ඔන්න බ්ලොග් කියවන ගොඩාක් අය වගේම මේ බූරු පුතත් මග බලාගෙන ඉන්නව හොඳද?

අසරණ අප නෙතින් බලා බ්ලොග් ලියන්න වඩිනු මැනවි
ඉන්ද්‍රනාම ශාකුන්තල නැවතත් බ්ලොග් ලියනු මැනවි.

10 comments:

  1. අනේ ඔය ශාකුන්තල කියන පොරයි ඉන්ද්‍රනාමයි දෙන්නනම හරි සෝයි බෝයි ල මේක කියෙව්වම ඔය ඩබලට අං ඇවිල්ල ආයි මලවදේ වගේ බ්ලොග් ලියන්න ගනී දන්නේ නෑ!

    ReplyDelete
  2. එහෙම වෙනව නම් කොච්චර ශෝක් ද.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. @ සෑම් : කරුණාකර බූරුපුතාගේ බ්ලොග් අඩවියේ කමෙන්ට්ස් දමන විට සදාචාරසම්පන්න වචන භාවිතා කරන්න.
    අනික එවන් වටිනා පුද්ගලයන්ටද ඔබගේ එම ප්‍රතිචාරය අපහාසයක් විය හැකි නිසා ඔබගේ කමෙන්ටුව ඉවත් කලෙමි.
    ඊට ඔබගෙන් සමාව අයදිමි.

    ReplyDelete
  5. සහෝ ඔබට ඉස්සෙල්ලාම කියන්න ඔනේ ඉහත මගේ නමින් කොම්න්ට් එකක් දාලා තියෙන්නේ මගේ Real Blogger ID එකෙන් නොව බව..මෙක තවත් කෙනෙක් හදපු මගේ Blogger Profile එකට සමාන Fake Profile එකක් බව ඔබ තෙරුම් ගන්න..මට ඔබේ බ්ලොග් එක කිසිම අමනාපයක් නොමති බැවින් ඉහත කොමන්ට් එකට නොරැවටෙන්න.මේ බව දැනුම් දුන් ඉන්ද්‍රනාම අයියාට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  6. බූරුවෙක් මෙන් කලබල උනාට මුලින්ම මා ඔබෙන් සමාව අයදිමි.
    කවුරු නමුත් ඔබ තුමාගේ නම යොදාගන්න ඇත්තේ ඔහුට ප්‍රසිද්දියේ පෙනී සිටීමට තරම් කොන්දක් නැති බැවිනි.

    මා වැනි බූරුවකු හට ස්මාව ලබා දීමට ඔබ කාරුණික වනු ඇතැයි සිතමි.

    ඔබව මේ ගැන දැනුවත් කර මා අතින් සිදු වූ වරද නිවැරදි කරගැනීමට සුපුරුදු පරිදි මා හට උපකාර කල ඉන්දරේ අයියාටද මගේ උපහාරය.

    ReplyDelete
  7. සෑම්...උඹට විරුද්ධව හෙන කෘමන්ත්‍රනයක් යනවා වගේ එහෙනම්. මන් ගොඩක් බ්ලොග්ස් වල දැක්කා උබේ නමින් කුනුහර්ප කමෙන්ට්ස් දාලා තියෙනවා.....

    ReplyDelete
  8. ඔව් ඔව්
    මේකට මොකක් හරි පියවරක් ගන්න පුලුවන් නම් මමත් කැමතියි උදව් වෙන්න.

    ReplyDelete
  9. නිහතමානීව ඉවසා වදාරමි. :D
    බූරුපුතා මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් නිසා මම ආපහු වතාවක් මෙතනට හැරිල ආවා... :) මේව දකිද්දි නම් ආපහු ලියන්න හිතෙනවා... බූරුපුතත් අවුරුද්දකින් විතර මොකුත් ලියල නෑ වගේ පේනවා.. ඇයි නැත්තේ? :?

    ReplyDelete
  10. මමත් ඕං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත බූරු පුතේ ...... 😎

    ReplyDelete