Wednesday, January 19, 2011

බූරු පුතාගේ ආගමනය



ආයුබෝවන්
මම බූරු පුතා වෙමි.

කකුල් දෙකේ බූරුවකු වන මා මිනිස් සිරුරට සමාන සිරුරකින් ද ඉතා අවලස්සන රූප සොභාවකින්ද යුක්ත වෙමි. ඕනෑම කෙනෙකුගේ ඕනෑම මගුලකට බූරුවෙකු මෙන් හොට දාන මා බූරුවෙකු මෙන් එහි බර කරට ගෙන බූරුවෙකු සේ සාටර් වෙන්නේය. එමෙන්ම මිනිසෙකුට මෙන් වටකුරු හිසක් ඇති මගේ එම හිස තුල ඇත්තේ සාමාන්‍ය බූරුවකුට වඩා ඉතාමත් කුඩා මොලයකි. එය ඉතා ඝන ගොම මිශ්‍රිත මැටි තට්ටුවකින් වැසී කිසිවෙකුට භාවිතයට ගත නොහැකි ලෙස ආරක්ශිතව පවතී.


මගේ වැඩිහිටියන් මා අමතන්නේ බොල . . . බූ . .රූ. . . . පුතේ කියාය.
 ඒ වැඩිහිටියන්ගේ ආදරය බෙහෙවින් දැනෙන්නේ මා හට දුකක් ඇති වූ විට වැඩිහිටියන් මා සනසන "බොල . . බූරූ පුතේ . . . දුක සෝකා ඉතිං ඉවසම්" යන පද පෙලින් ය.

කේන්ති ගිය විටක ඔවුන් මා හට තරවටු කරන්නේ තෝ මහ බූරුවෙක් හෝ බූරු වැඩ කරන්න එපා යකෝ කියමින් ය. මට බූරු වැඩ , බූරුවා යන පද කණට මී පැණි වත් කරන්නාක් මෙන් මිහිරිය. ඒ නිසා මා සෑම විටම බූරු වැඩ කිරීමට පෙලඹෙන්නේ මා ද නොදැනුවත්වමය.


කාලයක් තිස්සේ බූරුවෙක් මෙන් නිහඬව සිටි මා මාගේ මේ බූරු සිත තුල බූරු වේශයෙන් පැන නගින බූරු අදහස් පැවසීමට තැනක් සොයමින් සිටියද එම අදහස් මා හිතාදර බූරුවන්ට කියා පලක් නැති බැවින් වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් ලියන කියවන ආදරණීය මිනිසුන් වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.


ඒ සඳහා බූරු පුතා වන මාගේ හිතාදර බූරුවගේ සහය නොලැබෙන බැවින් මෙය කියවන ඔබ සැමගේ සහයෝගය පතන්නේ මේ බූරුවාගේ බූරු අදහස් සහ අත්දැකීම් තව තවත් මේ බූරු හිත් තුල සිර කරගෙන සිටි නොහැකි නිසාමය.

ඉතිං සිංහල බ්ලොග් කරුවන් අතර හාවුන් මැස්සන් වැනි සතුන් සිටියද බූරුවෙකු නැති අඩුව පිරවීමට මා කැමැත්තෙන් ම ඉදිරිපත් වන්නේ බූරුවන්ගේ අභිමානය හා ආඩම්බරය රැකගනීම උදෙසා දිගින් දිගටම බූරු අදහස්ම ඉදිරිපත් කිරීමටය. එමෙන්ම මේ බූරුවාට බූරු වැඩ කර ලැබෙන හොඳ හොඳ අත්දැකීම් ඔබ සැම සමග බෙදා ගැනීමට මෙම බූරු පුතා බලාපොරොත්තුවෙන් සිටී.

එහෙනම් ආයුබෝවන් මිනිසුනේ.
එන්න බූරුවෙක් ආසරේ කරල වෙනස වටහාගන්න.

30 comments:

  1. ආයුබෝවන්!!!!
    බලමු ආස්රේ කරලා

    ReplyDelete
  2. බූරුවෙක් හින්දා ... ආස්‍රය කරන්න අමාරු වෙන එකක් නැහැ :D


    වේරිෆිකේෂන් අයින් කරමුද ..ඒක දාන එක බූරූ වැඩක් :D

    ReplyDelete
  3. ආයුබෝවන් බූරුවෝ! මට නම් ඉතින් මේ කවුද කියා හිතා ගන්ට හැකි. ඒකට කමක් නැහැ. ඔහොම යමු!

    - Taboo

    ReplyDelete
  4. @ම : බලමු බලමු එහෙනං.

    @ වැප් : ඕන්න ඒක අයිං කොලා. ඉස්තූතියි ප්‍රතිචාරයට වගේම බූරු වැඩක් කියල මගේ කනට මී පැණි දැම්මටත්.

    @ ටැබූ : මම හිතන්නෙ නෑ ඔහේට අහැකි කියල මාව කවුද කියල හිතාගන්ට. එල එල මෙහෙමම යමූ . . .

    ReplyDelete
  5. සාදරයෙන් පිලිගන්නවා ඔබව බූරු සහො!!!

    ReplyDelete
  6. @ සූර සරදියෙල් : ඉස්තූතියි සහෝ.

    ReplyDelete
  7. ටැබූ වෙන අය අදුන ගන්න ගිහින් ... ටැබූව අනික් අය අඳුන ගත්තද මන්දා :D

    ReplyDelete
  8. ආන්න වැප් සහෝදරයට වැඩේ තේරුනා . . . .

    ReplyDelete
  9. බොරු පුතෙ උබට යහපතක්ම වෙවා කියලා මම පතමි. මට බොහොම සතුටක් මම වගෙ තව එකෙක් මෙ ලොකෙ ජිවත් වෙනවා කියලා දැනගන්න ලැබීම. උඹට ගොඩාක් දෙනා බුරු පුතෙ කියා අමතද්දි.. කිපදෙනෙක්.. කාල කණිනියා, මුසලයා.. වැනි නම් වලින් අමතා ඇත්නම් මම බෙහෙවින්ම සතුටු වෙන්නෙමි. දාපන් බලන්න කතා ටික මමද උඹද වැඩියෙන්ම චාටර් කියලා බලමු :D:D

    ReplyDelete
  10. එලනේ
    මෙන්න බොලේ මගෙ ගැන රවා හරියටම කිව්ව.
    ඔය වචන සෙට් එක ඔයා කොහෙන්ද ඉස්සුවේ.
    ඉස්තූතියි රවෝ.
    රවා අපේ අල්ලපු ගෙදර එකා වත් ද?

    ReplyDelete
  11. මේන් බූරුවෝ උබ ගැන බස් එකේ කතා වෙන දේවල්

    බූරු බස්

    ReplyDelete
  12. මොන බූරු වැඩක්ද මේක් හෙක් හෙක්...:D
    යමු එහෙනම් ඉදිරියටම බූරු පුතේ...

    ReplyDelete
  13. යකෝ දැකලා පුරුදු බූරුවෙක් වගේ...
    හා හා යමන් පුතේ..අපිත් එඤ්ඥං...

    ReplyDelete
  14. @ ප්‍රියන්ත : ඉස්තූතියි ඉස්තූතියි.

    @ මාරයා : දැකල පුරුදුයි කීවේ. එල එල එන්න දිගටම.

    ReplyDelete
  15. //සිංහල බ්ලොග් කරුවන් අතර හාවුන් මැස්සන් වැනි සතුන් සිටියද බූරුවෙකු නැති අඩුව පිරවීමට මා කැමැත්තෙන් ම ඉදිරිපත් වන්නේ බූරුවන්ගේ අභිමානය හා ආඩම්බරය රැකගනීම උදෙසා දිගින් දිගටම බූරු අදහස්ම ඉදිරිපත් කිරීමටය.//

    බූරු කතා වලිනුයි බූරු වැඩ වලිනුයි බූරුවොන්ගෙනුයි අඩුවක් තිබු‍නේ නැ මචං. ඒත් උඹ තමයි බූරුවා කියල මුලින්ම පිලිගත්ත එකා. ලියමු බලන්න.

    ReplyDelete
  16. @ පිටස්තරය : ලියමු ලියමු. ඉස්තූතියි.

    ReplyDelete
  17. එල කිරි දිගටම ලියපන්. අපි බලන්නම්

    ReplyDelete
  18. එල එල ලියමු ලියමු

    ReplyDelete
  19. අහ් පුත්තලම් බූරැ පුතේ ඕං එහෙනම් අපි ආයුබෝවන් කියල පිලිගන්නව. එහෙමනං දැං අපිට බූරුවෙකුත් ඉන්නව බ්ලොග් සත්තු වත්තට. මරු මරු
    එහෙමනං යමං බූරැවො ඉදිරියටම........

    ReplyDelete
  20. @ චන්දික : බූරුවා පෙරට අපි වලට. ලියමු ලියමු දිගටම ලියන්නම්. ඉස්තූතියි

    ReplyDelete
  21. ආස්සරය කොරන්න වටින බූරුවෙක් වගේ.. හික් හික්

    ReplyDelete
  22. හෙහ් හෙහ් ෆට්ට බූරුවෙක් වගේ......... එළ එළ ලියාගෙන යමු එහෙනම් ජේ.ඩී බූරුවත් එන්නම් කියවන්න :) හික් හික් හික්

    ReplyDelete
  23. බූරුවා... හායි.. හිරේ යන්න ඕනනම් අමතපන්.. ඒ උඹට තේරෙයිද දන්නෙ නෑ මෙහෙම කිව්වහම

    ReplyDelete
  24. බූරු පුතේ මාත් පිස්සු පුසේක් වන නිසා අපි සෙට් වෙමු. බුරුවෝ මොකො පුසෝ මොකෝ. නැද්ද? ලියන විලාසය හා පද ගැලපිම නම් අගේයි...

    ReplyDelete
  25. පිටස්තරයාගේ කතාව හරි. බූරු වැඩ බූරු කතා අනන්තවත් තියෙනවා. ඒත් පිලිගන්නේ නෑ. බලමු අපි බූරුවා කියලා පිලිගත්තු එකාගේ කෙරුවාව.. ලියපන් බූරුපුතේ අපි කියවනවා..

    ReplyDelete
  26. අහ් අශ්වයා ගෝන් ටික් ටික් ටික් අශ්වයා ගෝන් ටික් ටික් ටික්.‍...

    අහ් මලා...මේකා අශ්වයෙක් නෙවේ... මේකා බූරුවෙක්නේ....
    බූරුවා කොමද යන්නේ හැබෑටම....ඈ බූරු පුතේ....

    පටොං ගත්තානම් ඇඳපන් බර බුරු පුතේ අපි ඉන්නම්කෝ උඹත් එක්ක...උඹව අපිට පෑහෙයි වගේ....උඹ ගොනොක් නොවී බූරුවෙක්ම වුන නිසා....

    ReplyDelete
  27. බලං ගියාම ඔක්කොම බූරුවො තමා.. එකෙක් හරි ඒක පිලිගත්ත එකත් ලොකු දෙයක්නෙ.. දිගටම ලියපන් බූරු පුතේ!!

    ReplyDelete
  28. කෝ බොල බූරුවො පොස්ට්.............?
    හමදාම ඇවිත් උඹේ බූරු මූන බලල යන්නද කියන්නෙ................DD

    ReplyDelete
  29. අලී... ම සෝක්... බූරු පුතා... ආස්සරේ අමාරු වෙන එකක් නෑ මයේ හිතේ...

    ReplyDelete
  30. මටත් අහන්න තියෙන්නේ එකයි..
    ඈ බං බූරැවෝ..කෝ පෝස්ට්..?

    ReplyDelete