Wednesday, January 19, 2011
බූරු පුතාගේ ආගමනය
ආයුබෝවන්
මම බූරු පුතා වෙමි.
කකුල් දෙකේ බූරුවකු වන මා මිනිස් සිරුරට සමාන සිරුරකින් ද ඉතා අවලස්සන රූප සොභාවකින්ද යුක්ත වෙමි. ඕනෑම කෙනෙකුගේ ඕනෑම මගුලකට බූරුවෙකු මෙන් හොට දාන මා බූරුවෙකු මෙන් එහි බර කරට ගෙන බූරුවෙකු සේ සාටර් වෙන්නේය. එමෙන්ම මිනිසෙකුට මෙන් වටකුරු හිසක් ඇති මගේ එම හිස තුල ඇත්තේ සාමාන්‍ය බූරුවකුට වඩා ඉතාමත් කුඩා මොලයකි. එය ඉතා ඝන ගොම මිශ්‍රිත මැටි තට්ටුවකින් වැසී කිසිවෙකුට භාවිතයට ගත නොහැකි ලෙස ආරක්ශිතව පවතී.
මගේ වැඩිහිටියන් මා අමතන්නේ බොල . . . බූ . .රූ. . . . පුතේ කියාය.
ඒ වැඩිහිටියන්ගේ ආදරය බෙහෙවින් දැනෙන්නේ මා හට දුකක් ඇති වූ විට වැඩිහිටියන් මා සනසන "බොල . . බූරූ පුතේ . . . දුක සෝකා ඉතිං ඉවසම්" යන පද පෙලින් ය.
කේන්ති ගිය විටක ඔවුන් මා හට තරවටු කරන්නේ තෝ මහ බූරුවෙක් හෝ බූරු වැඩ කරන්න එපා යකෝ කියමින් ය. මට බූරු වැඩ , බූරුවා යන පද කණට මී පැණි වත් කරන්නාක් මෙන් මිහිරිය. ඒ නිසා මා සෑම විටම බූරු වැඩ කිරීමට පෙලඹෙන්නේ මා ද නොදැනුවත්වමය.
කාලයක් තිස්සේ බූරුවෙක් මෙන් නිහඬව සිටි මා මාගේ මේ බූරු සිත තුල බූරු වේශයෙන් පැන නගින බූරු අදහස් පැවසීමට තැනක් සොයමින් සිටියද එම අදහස් මා හිතාදර බූරුවන්ට කියා පලක් නැති බැවින් වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් ලියන කියවන ආදරණීය මිනිසුන් වෙත ආදරයෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.
ඒ සඳහා බූරු පුතා වන මාගේ හිතාදර බූරුවගේ සහය නොලැබෙන බැවින් මෙය කියවන ඔබ සැමගේ සහයෝගය පතන්නේ මේ බූරුවාගේ බූරු අදහස් සහ අත්දැකීම් තව තවත් මේ බූරු හිත් තුල සිර කරගෙන සිටි නොහැකි නිසාමය.
ඉතිං සිංහල බ්ලොග් කරුවන් අතර හාවුන් මැස්සන් වැනි සතුන් සිටියද බූරුවෙකු නැති අඩුව පිරවීමට මා කැමැත්තෙන් ම ඉදිරිපත් වන්නේ බූරුවන්ගේ අභිමානය හා ආඩම්බරය රැකගනීම උදෙසා දිගින් දිගටම බූරු අදහස්ම ඉදිරිපත් කිරීමටය. එමෙන්ම මේ බූරුවාට බූරු වැඩ කර ලැබෙන හොඳ හොඳ අත්දැකීම් ඔබ සැම සමග බෙදා ගැනීමට මෙම බූරු පුතා බලාපොරොත්තුවෙන් සිටී.
එහෙනම් ආයුබෝවන් මිනිසුනේ.
එන්න බූරුවෙක් ආසරේ කරල වෙනස වටහාගන්න.
Subscribe to:
Post Comments (Atom)
ආයුබෝවන්!!!!
ReplyDeleteබලමු ආස්රේ කරලා
බූරුවෙක් හින්දා ... ආස්‍රය කරන්න අමාරු වෙන එකක් නැහැ :D
ReplyDeleteවේරිෆිකේෂන් අයින් කරමුද ..ඒක දාන එක බූරූ වැඩක් :D
ආයුබෝවන් බූරුවෝ! මට නම් ඉතින් මේ කවුද කියා හිතා ගන්ට හැකි. ඒකට කමක් නැහැ. ඔහොම යමු!
ReplyDelete- Taboo
@ම : බලමු බලමු එහෙනං.
ReplyDelete@ වැප් : ඕන්න ඒක අයිං කොලා. ඉස්තූතියි ප්‍රතිචාරයට වගේම බූරු වැඩක් කියල මගේ කනට මී පැණි දැම්මටත්.
@ ටැබූ : මම හිතන්නෙ නෑ ඔහේට අහැකි කියල මාව කවුද කියල හිතාගන්ට. එල එල මෙහෙමම යමූ . . .
සාදරයෙන් පිලිගන්නවා ඔබව බූරු සහො!!!
ReplyDelete@ සූර සරදියෙල් : ඉස්තූතියි සහෝ.
ReplyDeleteටැබූ වෙන අය අදුන ගන්න ගිහින් ... ටැබූව අනික් අය අඳුන ගත්තද මන්දා :D
ReplyDeleteආන්න වැප් සහෝදරයට වැඩේ තේරුනා . . . .
ReplyDeleteබොරු පුතෙ උබට යහපතක්ම වෙවා කියලා මම පතමි. මට බොහොම සතුටක් මම වගෙ තව එකෙක් මෙ ලොකෙ ජිවත් වෙනවා කියලා දැනගන්න ලැබීම. උඹට ගොඩාක් දෙනා බුරු පුතෙ කියා අමතද්දි.. කිපදෙනෙක්.. කාල කණිනියා, මුසලයා.. වැනි නම් වලින් අමතා ඇත්නම් මම බෙහෙවින්ම සතුටු වෙන්නෙමි. දාපන් බලන්න කතා ටික මමද උඹද වැඩියෙන්ම චාටර් කියලා බලමු :D:D
ReplyDeleteඑලනේ
ReplyDeleteමෙන්න බොලේ මගෙ ගැන රවා හරියටම කිව්ව.
ඔය වචන සෙට් එක ඔයා කොහෙන්ද ඉස්සුවේ.
ඉස්තූතියි රවෝ.
රවා අපේ අල්ලපු ගෙදර එකා වත් ද?
මේන් බූරුවෝ උබ ගැන බස් එකේ කතා වෙන දේවල්
ReplyDeleteබූරු බස්
මොන බූරු වැඩක්ද මේක් හෙක් හෙක්...:D
ReplyDeleteයමු එහෙනම් ඉදිරියටම බූරු පුතේ...
යකෝ දැකලා පුරුදු බූරුවෙක් වගේ...
ReplyDeleteහා හා යමන් පුතේ..අපිත් එඤ්ඥං...
@ ප්‍රියන්ත : ඉස්තූතියි ඉස්තූතියි.
ReplyDelete@ මාරයා : දැකල පුරුදුයි කීවේ. එල එල එන්න දිගටම.
//සිංහල බ්ලොග් කරුවන් අතර හාවුන් මැස්සන් වැනි සතුන් සිටියද බූරුවෙකු නැති අඩුව පිරවීමට මා කැමැත්තෙන් ම ඉදිරිපත් වන්නේ බූරුවන්ගේ අභිමානය හා ආඩම්බරය රැකගනීම උදෙසා දිගින් දිගටම බූරු අදහස්ම ඉදිරිපත් කිරීමටය.//
ReplyDeleteබූරු කතා වලිනුයි බූරු වැඩ වලිනුයි බූරුවොන්ගෙනුයි අඩුවක් තිබුනේ නැ මචං. ඒත් උඹ තමයි බූරුවා කියල මුලින්ම පිලිගත්ත එකා. ලියමු බලන්න.
@ පිටස්තරය : ලියමු ලියමු. ඉස්තූතියි.
ReplyDeleteඑල කිරි දිගටම ලියපන්. අපි බලන්නම්
ReplyDeleteඑල එල ලියමු ලියමු
ReplyDeleteඅහ් පුත්තලම් බූරැ පුතේ ඕං එහෙනම් අපි ආයුබෝවන් කියල පිලිගන්නව. එහෙමනං දැං අපිට බූරුවෙකුත් ඉන්නව බ්ලොග් සත්තු වත්තට. මරු මරු
ReplyDeleteඑහෙමනං යමං බූරැවො ඉදිරියටම........
@ චන්දික : බූරුවා පෙරට අපි වලට. ලියමු ලියමු දිගටම ලියන්නම්. ඉස්තූතියි
ReplyDeleteආස්සරය කොරන්න වටින බූරුවෙක් වගේ.. හික් හික්
ReplyDeleteහෙහ් හෙහ් ෆට්ට බූරුවෙක් වගේ......... එළ එළ ලියාගෙන යමු එහෙනම් ජේ.ඩී බූරුවත් එන්නම් කියවන්න :) හික් හික් හික්
ReplyDeleteබූරුවා... හායි.. හිරේ යන්න ඕනනම් අමතපන්.. ඒ උඹට තේරෙයිද දන්නෙ නෑ මෙහෙම කිව්වහම
ReplyDeleteබූරු පුතේ මාත් පිස්සු පුසේක් වන නිසා අපි සෙට් වෙමු. බුරුවෝ මොකො පුසෝ මොකෝ. නැද්ද? ලියන විලාසය හා පද ගැලපිම නම් අගේයි...
ReplyDeleteපිටස්තරයාගේ කතාව හරි. බූරු වැඩ බූරු කතා අනන්තවත් තියෙනවා. ඒත් පිලිගන්නේ නෑ. බලමු අපි බූරුවා කියලා පිලිගත්තු එකාගේ කෙරුවාව.. ලියපන් බූරුපුතේ අපි කියවනවා..
ReplyDeleteඅහ් අශ්වයා ගෝන් ටික් ටික් ටික් අශ්වයා ගෝන් ටික් ටික් ටික්....
ReplyDeleteඅහ් මලා...මේකා අශ්වයෙක් නෙවේ... මේකා බූරුවෙක්නේ....
බූරුවා කොමද යන්නේ හැබෑටම....ඈ බූරු පුතේ....
පටොං ගත්තානම් ඇඳපන් බර බුරු පුතේ අපි ඉන්නම්කෝ උඹත් එක්ක...උඹව අපිට පෑහෙයි වගේ....උඹ ගොනොක් නොවී බූරුවෙක්ම වුන නිසා....
බලං ගියාම ඔක්කොම බූරුවො තමා.. එකෙක් හරි ඒක පිලිගත්ත එකත් ලොකු දෙයක්නෙ.. දිගටම ලියපන් බූරු පුතේ!!
ReplyDeleteකෝ බොල බූරුවො පොස්ට්.............?
ReplyDeleteහමදාම ඇවිත් උඹේ බූරු මූන බලල යන්නද කියන්නෙ................DD
අලී... ම සෝක්... බූරු පුතා... ආස්සරේ අමාරු වෙන එකක් නෑ මයේ හිතේ...
ReplyDeleteමටත් අහන්න තියෙන්නේ එකයි..
ReplyDeleteඈ බං බූරැවෝ..කෝ පෝස්ට්..?